නව දන්ත වෛද්‍යවරුන් 101දෙනෙකුට හෙට පත්වීම්

නව දන්ත වෛද්‍යවරුන් 101දෙනෙකුට හෙට පත්වීම්

නව දන්ත වෛද්‍යවරුන් 101දෙනෙකුට පත්වීම් ලිපි ලබාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (01) නාරාහේන්පිට පිහිටි රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේදී අදාළ පත්වීම් ලිපි ලබාදීමට නියමිත බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

නවක පත්වීම් ලාභීන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පාලනය වන රෝහල් වෙත සහ පළාත් සභා රෝහල් වෙත අනුයුක්ත කිරීමට නියමිත බව සඳහන්ය.

ඒ අනුව අදාළ වෛද්‍යවරුන් රේඛීය අමාත්‍යාංශය මගින් පාලනය වන රෝහල් සඳහා 24 දෙනෙකු ද, මධ්‍යම පළාතට 05 දෙනෙකු ද, උතුරු මැද පළාත්ට 07දෙනෙකු ද අනුයුක්ත කිරීමට නියමිතය.

මීට අමතරව වයඹ පළාතට 13 දෙනෙක්, උතුරු පළාතට 10 දෙනෙක්, සබරගමු පළාතට 07 දෙනෙක්, දකුණු පළාත්ට 04 දෙනෙක් සහ ඌව පළාතට 17දෙනෙක් අනුයුක්ත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment