නැගෙනහිර වෙනම පරිපාලන ඒකකයක් ඇතුළු මුස්‌ලිම් ජනතාවට පවතින ගැටලුවලට විසඳුම් ඇතුළත් යෝජනාවලියක් සකස් කර ආණ්‌ඩුවට භාරදීමට මුස්‌ලිම් දේශපාලන පක්‌ෂ තීරණය කර ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ නායකත්වයට එරෙහිව ගොඩනැගුනු නැගෙනහිර උදානය සංවිධානය මෙහෙයවීමෙන් මෙම යෝජනාවලිය සකස් කරන අතර ඒ සඳහා ඇමැති රිෂාඩ් බදියුදීන් හා ඒ. එල්. එම්. අතාවුල්ලා යන මහත්වරුන්ගේ දේශපාලන පක්‌ෂ ද මුස්‌ලිම් කොංග්‍රසයේ අෂ්රොෆ් පාර්ශ්වය ද එක්‌වන බව නැගෙනහිර උදානය සංවිධානයේ නියෝජ්‍ය නායක අලිසබ්‍රි මහතා පැවසීය.
ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ වූ ඒ. එච්. එම්. අෂ්රොෆ් මහතා පක්‌ෂ නායකත්වය දරන සමයේ සකස් කළ විසඳුම් යෝaජනාවලිය පාදක කරගෙන මෙම නව යෝජනා සකස් කරන බවද හෙතෙම පෙන්වා දෙයි.
මේ පිළිබඳව මූලික එකඟතාවකට සියලු පක්‌ෂ පැමිණ ඇති අතර ඉදිරියේදී තවත් තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වේ. ඉන්පසුව යෝජනාවලිය ව්‍යවස්‌ථා සංශෝධනය සඳහා ආණ්aඩුවට භාරදීමට නියමිතය.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment