අමරපුර හා රාමඤ්ඤ මහා නිකාය ඇතුළු සියම් නිකායේ කොටසක් විහාර දේවාලගම් පනතට විරුද්ධයි

අමරපුර හා රාමඤ්ඤ මහා නිකාය ඇතුළු සියම් නිකායේ කොටසක් විහාර දේවාලගම් පනතට විරුද්ධයි

ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන විහාර දේවාලගම් සංශෝධිත පනත් කෙටුම්පත සම්මත වුවහොත් එය බුද්ධ ශාසනයේ පැවැත්මට ඉතා හානිකර වන බව ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නාහිමියෝ පැවසූහ.

දළඳා මාළිගාවේ දියවඩන නිලමේ පත්කිරීමේ දී අමරපුර හා රාමඤ්ඤ නිකායන්ට තිබූ ඡන්ද බලය පවා අහිමි කිරිම මෙන්ම මෙතෙක් පොදු වස්තුවක් ලෙස තිබූ දළඳා මාලිගාවට විහාරාධිපති හිමිනමක් පත්කිරීම යෝජනා කරමින් පාර්ශව කිහිපයක උවමනාව අනුව සකස් කර ඇති මෙම පනත් කෙටුම්පත ඉතා අසාධාරණ බව ද උන්වහන්සේ සඳහන් කළහ.

මෙම පනත් සංශෝධනය කළ යුතු නම් එය කළ යුත්තේ සියලූ නිකායන් හා සියලූ පාර්ශවයන් නියෝජනය වන මණ්ඩලයක නිර්දේශ අනුව බව ද මහ නාහිමියෝ පැවසූහ.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය, රාමඤ්ඤ මහා නිකාය මෙන්ම සියම් නිකායේ කල්‍යාණී සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාව, ඌව, රංගිරි දඹුලු, ශ්‍රී රෝහණ, වනවාසී  ඇතුළු පාර්ශව හයක්ද මෙම පනත් සංශෝධනය අනුමත නොකරන බව ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමියෝ පැවසූහ.

උඩුමලගල මහින්දානන්ද සියම් මහා නිකායේ රෝහණ පාර්ශවයේ  මහ නා හිමි, ශ්‍රී ලංකා මහ පිරිවෙන් අධ්‍යක්‍ෂ නාගොඩ අමරවංශ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය අනු නාහිමි,  ඕමාරේ කස්සප රෝහණ පාර්ශවයේ අනු නාහිමි, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී බ‍්‍රාහ්මණවත්තේ සීවලී නාහිමි, බදුල්ල රඹුක්පොත රාජ මහා විහාරාධිපති මඩුගස්තලාවේ විමලබුද්ධි නා හිමි, අමරපුර මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ආචාර්ය පල්ලෙකන්දේ රතනසාර නා හිමි ඇතුළු භික්‍ෂූන් වහන්සේලා එහි වැඩම කර සිටියහ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. ඔය කියන නිකායවල් වල ඉන්න සංඝයියලා ඔක්කොම මරාගේ පුක ලෙවකන එවුන්. ඔන්න ඇත්ත.

    ReplyDelete