ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයට එරෙහිවීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයට එරෙහිවීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයට එරෙහිවීමේ පනතක් ගෙන එන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගාමාත්‍යවරයා මේ බව පැවසූයේ නවසීලන්ත අග්‍රමාත්‍ය ජොන් කී මහතා සමග ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (01) අළුයම ඕක්ලන්ඩ්හි රාජ්‍ය නිවසේදී ශ්‍රී ලංකා හා නවසීලන්ත අග්‍රාමාත්‍යවරුන් අතර ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා කියා සිටියේ දියුණු වෙමින් පවත්නා තාක්ෂණයත් සමග ත්‍රස්තවාදී ක්‍රියාවන්ද දියුණු තාක්ෂණය ඔස්සේ හිස ඔසවන බවයි.

ඒ අනුව එම අවස්ථාවන්ට මුහුණදීමට හැකි වන පරිදි  නව තාක්ෂණයත් සමග යාවත්කාලීන වන පනත් සකස් කරන බවද ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම මෙම පනත් සැකසීමේදී මහා බ්‍රිතාන්‍ය වැනි රට වල පවත්නා ත්‍රස්තවාදයට එරෙහිවීමේ නීති රීති සැලකිල්ලට ගෙන ඒවා අධ්‍යනය කිරීම මගින් නව දැනුමක් ඔස්සේ එම නීති කරුණුද ඇතුළත් වන පරිදි මෙම පනත් නිර්මාණය කරන බවද ඔහු පෙන්වා දී තිබේ.

එපමණක් නොව ශ්‍රී ලංකාවේ සිටින හමුදා විශේෂයින්ගේද සහය ඇතිව ඉදිරි වසර 20-30ක කාලයකට මුහුණ දිය හැකි පරිදි යාවත්කාලීන වන පනත් ගෙන එන බවද අගමැතිවරයා පැවසී ය.


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment