නොවැම්බර් මස 09-10 යන දෙදින තුළ පකිස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබූ 19වන සාර්ක් සමුළුව කල්තැබීමට තීරණය කර තිබේ.
පකිස්ථානයේ ඉස්ලාම්බාද් නුවරදී මෙවර සමුළුව පැවැත්වීමට දින නියම කර තිබුණද,මෙම සමුළුව පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් නොමැති බැවින් එය දින නියමයක් නොමැතිව කල්තැබූ බව පකිස්ථාන රජය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
ජම්බුකාශ්මීර ප්‍රදේශයේ ඉන්දියානු පාලිත කඳවුරකට පකිස්ථාන හමුදා විසින් ප්‍රහාරයක් එල්ලකිරීමෙන් පසුව ඉන්දියාව හා පකිස්ථානය අතර රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් මතභේදකාරී තත්ත්වයක් උද්ගත විය. මේ අනුව සාර්ක් කලාපීය බලවතා වශයෙන් ඉන්දියානු රජයද පකිස්ථානයේ පැවැත්වෙන සමුළුවට සහභාගිවීම සම්බන්ධයෙන් මන්දෝත්සාහි ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම මෙන්ම ඇෆ්ගනිස්ථානය හා භූතානයද සහභාගි නොවන වාතාවරණයක් පැවතිණි.
පකිස්ථාන විදේශ අමාත්‍යංශය තවදුරටත් නිවේදනය කර ඇත්තේ සමුළුව පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවයි.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රජයද සමුළුව කැඳවීම පිණිස සියලු රටවල එකඟත්වයක් නොමැති බැවින් ශ්‍රී ලංකාවට එයට සහභාගි වීමේ හැකියාවක් නොමැති බව පෙන්වාදී ඇත.
මේ අතර මෙවර සාක් සමුළුව පැවැත්වීම සම්බන්ධයෙන් කලාපයේ රට වල අවධානය යොමු විය යුතු බව ශ්‍රී ලංකාව පවසයි.
මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පාකිස්ථානයේ මෙවර සාක් සමුළුව පැවැත්වීම සම්බන්ධයෙන් හටගෙන ඇති වාතාවරණය පිළිබඳ කණගාටු වන බවයි.
19 වන සාක් සමුළුව ලබන නොවැම්බර් මස 09 සහ 10 යන දෙදින තුළ පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර දී පැවැත්වීමට සැලසුම් කර තිබුණි.
0 comments :
Post a Comment