රනිල් - මෝදි හමුවෙයි 

රනිල් - මෝදි හමුවෙයි 

ඉන්දියාවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් සිදුවූ බව වාර්තාවේ.

ඉන්දියාවේ නවදිල්ලි නුවරදී මෙම හමුව අද සිදු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

මේ අතර ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05) නවදිල්ලි නුවරදී හමුවී දිවිපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය. 

තෙදින නිල සංචාරක නිරත අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වෙන ඉන්දීය ජාතික කොංග්‍රසයේ සභාපතිනී සෝනියා ගාන්ධි මහත්මියද හමුවූවාය. 

එසේම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක්ද සිදුවිය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment