කහටගහ ග්‍රැ‍ෆයිට් පුද්ගලීකරණයට තීරණයක් නෑ

කහටගහ ග්‍රැ‍ෆයිට් පුද්ගලීකරණයට තීරණයක් නෑ

කහටගහ ග්‍රැෆයිට් ආයතනය පෞද්ගලීකරණය කිරීමේ කිසිදු තීරණයක් හෝ සැලැස්මක් නොමැති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසයි.

ඊයේ (26) එම අමාත්‍යංශය විසින් කහටගහ ග්‍රැෆයිට් පතළේ සභාපතිවරයා වෙත ලිඛිතව මේ බව දැනුම් දී ඇති බව සඳහන් වේ.

කහටගහ ග්‍රැෆයිට් ආයතනය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළේ දී එම ආයතනය පෞද්ගලීකරණය කිරීමේ කිසිදු තීරණයක් හෝ සැලැස්මක් නොමැති බව අමාත්‍යංශය දැනුම් දී ඇත.

ග්‍රැෆයිට් ආයතනයේ ඛනිජ සම්පත් වඩා ඵලදායී ලෙස යොදාගැනීමට හා මෙරට ආර්ථික සංවර්ධනයට දායක කරගැනීමේ අරමුණින් අගය එකතු කළ නිෂ්පාදන ව්‍යාපෘති ආරම්භ කර එමගින් අපනයන ආදායම වැඩිකරගැනීම සඳහා සැලසුම් සකස් කිරීමට නියමිත බව අමාත්‍යංශය පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් කහටගහ ග්රැෆයිට් ආයතනය පෞද්ගලීකරණය කිරීමේ සූදානමක් ඇති බව පවසමින් එහි සේවකයින් පිරිසක් පතළ තුළ ඊයේ දිනයේ සිට අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment