චිත‍්‍රපට නිෂ්පාදක හා තරංගා කැසට් අධිපති විජය රාමනායක සමුගනී




ශ‍්‍රී ලංකාවට ‘තරංගා‘ ලේබලයෙන් මුල්වරට ගීත කැසට් පට හඳුන්වාදුන් තැනැත්තා සහ චිත‍්‍රපට නිෂ්පාදකයෙකුද වන විජය රාමනායක මහතා අභාවප‍්‍රාප්ත විය.

කලෙක සිට රෝගී තත්වයෙන් පසුවූ ඒ මහතා ඊයේ 26 මියයනවිට 71 වන වියේ පසුවුණා.
ලංකාවේ ගීත කලාවේ පෙරළියක් සිදු කරමින් ජනප්‍රිය ගායක ගායිකාවන් රැසකට ඉදිරියට එන්නට අත්වැලක් වෙමින් තරංගා මුද්‍රාව යටතේ සිංහල ගීත කැසට් පට 1978 වසරේ සිට නිපදවූයේ රාමනායක මහතාය.
ඔහු නිෂ්පාදනය කළ චිත‍්‍රපට අතර ආරාධනා,කලියුගය,යුගාන්තය,රිදී නිම්නය හා මල්දෙණියේ සිමියොන් ආදී සම්මානනීය නිර්මාණ තිබේ.
අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment