ස්වදේශ කටයුතු ලේකම්වරයා රෙජිස්ටාර් ජනරාල් තනතුරේ වැඩබැලීම පිළිබඳ 'කැෆේ' විරෝධය පළකරයි

ස්වදේශ කටයුතු ලේකම්වරයා රෙජිස්ටාර් ජනරාල් තනතුරේ වැඩබැලීම පිළිබඳ 'කැෆේ' විරෝධය පළකරයි

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන  මහතා,

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, 

කොළඹ 7.  

ප්‍රිය අමාත්‍යතුමනි,  

ස්වදේශ කටයුතු ලේකම් නීල් ද අල්විස් ‘රෙජිස්ට්‍රාර් ජෙනරාල්‘ ධූරයේ වැඩ බැලීම සම්බන්ධයෙනි 

ආයතන සංග්‍ර‍හයේ  12.2.1 ට අනුව රාජ්‍ය සේවකයෙකු ‘‘වැඩ බැලීමට පත් කරන තනතුර ඔහු දරණ නිත්‍ය තනතුරට වඩා තත්වයෙන් ඉහළ තනතුරක් විය යුතුය‘‘.   

ස්වදේශ කටයුතු ලේකම් නීල් ද අල්විස් මහතා රෙජිස්ට්‍රාර් ජෙනරාල් තනතුරේ වැඩ බලනු ලැබේ.  එම පත්වීම රාජ්‍ය පරිපාලනයේ මුලික හා පදනම් විධිවිධාන උල්ලංඝණය කිරීමකි.  එමෙන්ම මෙම පත්වීම කෙටි කාලීන පත්වීමක් නොව, දිගු කාලීන පත්වීමක් බවට පත් කොට ගෙන ඇත. 

නීල් ද අල්විස් මහතා යටතේ ලංකාවේ වැදගත්ම දෙපාර්තමේන්තුවක් වන රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලය ඉතා අකාර්යක්ෂම තත්වයට පත්වී ඇත. ඒ ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය විසින් සිදු කළ නිරීක්ෂණ ඉදිරියේ දී එළි දැක්වීමට කටයුතු කරනු ඇත. 

රාජ්‍ය සේවයේ වැදගත්ම ආයතනයක් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඔහු විසින් අනුගමනය කළ යුතු/ක්‍රියාත්මක කළ යුතු වගකීම් දරන නීති රෙගුලාසි උල්ංඝනය කරමින් තමා විසින් තමාම තනතුරකට පත් කර ගෙන කටයුතු කරගෙන යාම යහපාලන ව්‍යවහාරයක් ලෙස සැලකිය නොහැකිය.  රෙජිස්ට්‍රාර් ජෙනරාල් තනතුරේ වැඩ බැලීම සදහා සුදුසු අයෙකු දෙපාර්තමේන්තුවේ නොමැති බව සත්‍යයක් නමුත්, එම තනතුර දැරීමට සහ අවශ්‍ය නම් එම තනතුරේ වැඩ දැරීමට සුදුසු පුද්ගලයින් ඕනෑ තරම් පුද්ගලයින් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සිටිති.  

යම් හෙයකින්, රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව වැනි ඉතා වැදගත් ආයතනයක ප්‍ර‍ධානී තනතුර වැඩබලන පදනම මත පවත්වාගෙන යාම ගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා ප්‍ර‍මුඛ යහපාලන රජයේ ප්‍ර‍තිපත්තිය නම් ඒ සදහා පරිපාලන හැකියාව ඇති, දිසාපති නතතුරු දැරූ පුද්ගලයින් කොළඹ සිටී. 

එබැවින්, නීල් ද අල්විස් මහතා රෙජිස්ට්‍රාර් ජෙනරාල් ධූරයේ වැඩ බැලීමෙන් ඉවත් කිරීම සුදුසු අයෙකු එම තනතුරට පත් කිරීම කෙරෙහි ඔබගේ කාරුණික අවධානය යොමු කරමි.  එසේ නොමැතිව නීල් ද අල්විස් මහතා රෙජිස්ටාර් ජෙනරාල් ලෙස පත් කර ගැනීමට අවශ්‍ය නම් ඔහු එම තනතුරේ ස්ථිර කර වෙනත් සුදුසු කාර්යක්ෂම පුද්ගලයෙකු රාජ්‍ය සේවයේ ඉතාමත් වැදගත් තනතුරක් වන ‘ස්වදේශ ලේකම් නතතුරට පත් කර ගැනීම පිළිබද ඔබගේ කාරුණික අවධානය යොමු කරන මෙන් වත්මන් රජය ජනතාවට පොරොන්දු වූ ප්‍ර‍තිපත්තිමය කරුණ මත පදනම්ව ඉල්ලා සිටීමි.  

මෙයට විශ්වාසී,    


කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය සහ කැෆේ සංවිධානය


 පිටපත් 
1.         ජනාධිපති ලේකම්තුමා - දැන ගැනීම සහ සුදුසු ඉදිරි කටයුතු සදහා
2.         අග්‍රාමාත්‍ය ලේකම්තුමා - දැන ගැනීම සහ සුදුසු ඉදිරි කටයුතු සදහා
3.         ස්වදේශ ලේකම්තුමා - දැන ගැනීම සදහා
4.         රාජ්‍ය පරිපාලන ලේකම්තුමා - දැන ගැනීම සදහා
5.         ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව
6.         විගණකාධිපති

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment