කොස් කොටයක් ඇඟට පෙරැළී උසස්පෙළ සිසුවා මරුට


අහංගම වැවිලිහේන ප්‍රදේශයේදී දහ නව හැවිරිදි පාසල් සිසුවකු ඇතුළු තිදෙනකු ඔසවා ගෙන ගිය කොස් කොටයක් පෙරැළී යෑමෙන් එක් සිසුවකු බරපතළ තුවාල ලබා මිය ගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ

අහංගම වැවිලිහේන පදිංචිව සිටි චතුරංග වික්‍රමසූරිය නමැති අයෙකි. මොහු පසුගිය අගෝස්තු පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට ඉදිරිපත් වී ප්‍රතිඵල එන තෙක් සිටියදී ඊයේ (23දා) උදේ මෙම අනතුරට ලක්ව ඇත.

මොහු පදිංචි නිවෙසට යාබද නිවෙසේ පදිංචි නැන්දාගේ නිවෙසේ පැවැත්වීමට නියමිත මංගල උත්සවයක් සඳහා ගෙවත්ත සුද්ද කිරීමට නිවෙස අසල තිබූ කොස් කොටයක් තවත් දෙදෙනකු සමඟ එක්ව ඉවත් කිරීමට ඔසවා ගෙන ගොස් ඇත. එසේ ඔසවා ගෙන යද්දී නිවෙස අසලදීම කොස් කොටය පෙරළී ගොස් එම කොටයට යටවී සිසුවා බරපතළ තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ සිසුවා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇතත් මියගොස් ඇත. සිසුවාගේ මරණ පරීක්ෂණය ඊයේ කරාපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
අහංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

අහංගම - එන්.ජී. ලියනගේ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment