අග්නිදිග ආසියාවම කැළඹූ ‘හොල්මන් හෝටලේ‘

මැලේසියානු හොරර් චිත්‍රපටයක් වන ‘Haunted hotel‘ මේ දිනවල චීනය මැලේසියාව තායිලන්තය ඇතුළු අග්නිදිග ආසියානු රටවල ආන්දෝලනයක් ඇති කිරීමට සමත් නිර්මාණයක් බවට පත්ව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරනවා.

මින් සතියකට පෙර චීනයේ

සිනමා ශාලා 800 ක ප්‍රදර්ශනය ඇරඹූ මෙම චිත්‍රපටය දින 7 ක් තුළ චීනයේ පමණක් ලබා ඇති ආදායම යුවාන් මිලියන 10 (රු-කෝටි 23 ක්) පමණ වන බව වාර්තා කර තිබේ.
තායි රංගන ශිල්පී ඔම් සුෂර් මෙහි ප්‍රධාන නිළිය වෙයි. මැලේසියානු නළුනිළියන්ද මෙහි රංගනයට එක්ව සිටී.මෙම චිත්‍රපටය මැලේසියාවේ සුප්‍රකට විනෝද කලාපයක් වන ජෙන්ටින් හයිලන්ඩ් ආශ්‍රිත කරගෙන ත්‍රාසය භීතිය ඇති කරවන හොරර් ගණයේ චිත්‍රපටයක් ලෙස නිපදවූවකි.
මෙම චිත්‍රපටය කතා මාලාවක් ලෙස නිපදවන්නක් වන අතර මින් ඉහත චිත්‍රපට 10 ක්ද මෙනමින් නිපදවා තිබේ.
චිත්‍රපටයේ ට්‍රෙලරය පහතින්


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment