නායකත්වයෙන් ඉවත්වීමේ අදහසක් නෑ - උපුල් තරංග

නායකත්වයෙන් ඉවත්වීමේ අදහසක් නෑ - උපුල් තරංග
ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම පිටපිට 12 වැනි එක්දින පරාජය ලැබූ අතර එය මෙම වසරේදී 5-0 ක තරගාවලි පරාජයක් ලැබූ තෙවැනි අවස්ථාව විය. මීට පෙර දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව හමුවේ 5-0 ක අමිහිරි පරාජයන් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
 
පරාජයේ වගකීම නායකයා ලෙස තමන් භාරගන්නා බවත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට දක්ෂතා එකදිගට පවත්වාගෙන යාමට නොහැකි වීම පරාජයට ප්‍රධාන හේතුවක් බවත් ශ්‍රී ලංකා නායකයා පවසයි.
 
කණ්ඩායම් රැස්වීම්වලදී පසුබෑම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් එහෙත් අසාර්ථකත්වය මගහැර ගැනීමට නොහැකි වූ බවත් උපුල් තරංග ප්‍රකාශ කරයි. අවසන් තරගයේදී වෙනස්කම් සිදුකරමින් දඟපන්දුවලට හොඳින් මුහුණ දෙන නිරෝෂන් දික්වැල්ල මැදපෙල ක්‍රීඩා කිරීමට යෙදවූ බවත් එහෙත් ඉන් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි වූ බවත් නායකයා පවසයි.
 
මෙම තරගාවලියේදී තරග දෙකකදී පමණක් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 200 ඉක්මවා රැස්කිරීමට සමත් වූ අතර එක්දින තරගයක ලකුණු 300 ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගත යුතු වර්තමානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දක්ෂතා කිසිසේත් ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු තබාගැනීමට හෝ ප්‍රමාණවත් නොවේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment