කිලිනොච්චියේදී පොලිස් නිලධාරියාට පහරදුන් සැකකරු රිමාන්ඩ් (VIDEO)

කිලිනොච්චියේදී පොලිස් නිලධාරියාට පහරදුන් සැකකරු රිමාන්ඩ් (VIDEO)

යාපනය විශ්වවිද්‍යාලයේ සරසවි සිසුන් දෙදෙනෙකු ඝාතනයට ලක්වීමේ සිදුවීමට විරෝධය පළ කරමින් කිලිනොච්චි වැසියන් හර්තාල් පැවැත්වූ දිනයේදී පොලිස් නිලධාරියෙකුට පහරදුන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරේදා (25) දිනයේ හර්තාල් පවත්වමින් පොලීසියට විරෝධය පළ කිලිනොච්චි ජනතාව අතර සිටි ඇතැමෙක් කළහකාරී ලෙස හැසිරෙමින් සිටියදී පොලීසිය මැදිහත්ව තත්ත්වය සමනය කිරීමට උත්සාහ ගනිද්දී එක් අයෙකු විසින් පොලිස් නිලධාරියෙකුට බෝතල් ප්‍රහාරයක් එල්ල කරන ලදී.

එහිදී තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා කිලිනොච්චි රෝහලෙන් අනුරාධපුර රෝහලට මාරුකර යවා ඇති අතර ඊයේ (26) පස්වරුවේ අදාළ ප්‍රහාරය එල්ල කළ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ධර්මපුරම් පොලීසිය විසින් අදාළ සැකකරු ඊයේ ප.ව 3.30ට පමණ අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 31 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

වීඩියෝව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment