වෙල්ගමගේ ඉඩම පරීක්ෂාව: කථානායක ‍පොලිස්පති කැඳවා උපදෙස් දෙයි

වෙල්ගමගේ ඉඩම පරීක්ෂාව: කථානායක ‍පොලිස්පති කැඳවා උපදෙස් දෙයි

හිටපු අමාත්‍ය, එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ මතුගම පිහිටි වත්ත ‍පොලීසිය විසින් සෝදිසි කිරීමේ සිද්ධිය පිළිබඳව කථානායකවරයා විසින් ‍පොලිස්පතිවරයා පාර්ලිමේන්තුවට කැඳවා ඒ ගැන විමසා උපදෙස් මාලාවක් ලබා දුන් බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) පැවසුවේය.

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් කළ විමසීමේදී නියෝජ්‍ය කථානායකවරයා මේ බව සඳහන් කළේය.

“මාගේ වත්ත සෝදිසි කරලා වෙඩි නොවදින කාර් දෙකක් ‍පොලීසිය හෙව්වා. ජනාධිපතිතුමාත් මේ ගැන අප්‍රසාදය පළකර තිබුණා. ඒ නිසා මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න අවසර ඉල්ලා සිටිනවා.“ යැයි මන්ත්‍රිවරයා පැවසී ය.

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාගේ පැමිණිල්ල අනුව කථානායකවරයා ‍පොලිස්පතිවරයා පාර්ලිමේන්තුවට කැඳවා විමසීමක් කළ බව නියෝජ්‍ය කථානායකවරයා පැවසී ය.

එහිදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසූයේ ඒක වරප්‍රසාද කමිටුවට යොමු කරන ලෙසයි.

“ප්‍රශ්නය ඇති වුණේ වෙල්ගම මන්ත්‍රීතුමාටනේ. කථානායකතුමා ‍පොලිස්පති කැඳවලා උපදෙස් මාලාවක් ඔහුට ලබා දුන්නා. කථානායකතුමා ලංකාවට පැමිණි පසු ඔබතුමාට මේ ගැන දැනුම් දේවි.“ යැයි නියෝජ්‍ය කථානායකවරයා පැවසී ය.

සභානායකවරයා ඊට පිළිතුර දෙමින් සදහන් කළේ “අපි ඒ ක්‍රියාමාර්ගය අනුමත කරන්නේ නැහැ“

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment