බදු හොරුන් අල්ලන්න රාත්‍රියේ වැටලීම්

බදු හොරුන් අල්ලන්න රාත්‍රියේ වැටලීම්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු නොගෙවන ව්‍යාපාර පරීක්ෂා කිරීම සඳහා රාත්‍රී මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මෙම වැඩපිළිවෙලට අනුව පසුගිය 25 වැනිදා රාත්‍රියේ එම දෙපාර්තමේන්තුව දිවයිනේ ප්‍රධාන නගර ගණනාවන ව්‍යාපාරික ස්ථාන පරීක්ෂා කළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපාර 527කට අදාළ නව බදු ලිපි ගොනු විවෘත කිරීමට හැකිවූ බවත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් කල්‍යාණී දහනායක මහත්මිය පැවසුවාය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නව සංකල්පයකට අනුව රාත්‍රී කාලයේ වෙළඳසැල් පරීක්ෂාවට ලක්කරන අතර එමඟින් ව්‍යාපාරිකයින් ඉතා ආචාරශීලීව බදු ක්‍රමයට ඇතුළත්කර ගැනීමට අපේක්ෂා කරන බව ද දහනායක මහත්මිය සඳහන් කළාය.

ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ රාත්‍රී කාලයේ ව්‍යාපාරික ස්ථාන පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ලබන මස 02 වැනිදා දිවයින පුරා ප්‍රධාන නගර ආශ්‍රිතව සිදුකරන බවයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment