සංහිදියා චන්ද්‍රිකා සංහිදියා මනෝ එලිපිට කාකොටා ගනී.. චන්ද්‍රිකා එක්ක බෑ කියා ජනපතිටත් පැමිණිලි කරයි..

තම අමාත්‍යංශය හරහා සිදුවන ජාතික සංහිඳියා ඇති කිරීමේ කටයුත්තට බලපෑම් එල්ල වී ඇතැයි ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට පැමිණිලි කර තිබේ.

ඔහු පෙන්වා දී ඇත්තේ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය සභාපතිත්වයෙන් දරන ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලය විසින් තම අමාත්‍යංශයේ කටයුතුවලට දිගින් දිගටම අනවශ්‍ය ඇඟිලි ගසමින් සිටින බවයි.

මේ අතර හිටපු ජනාධිපතිනියගේ සංහිදියා කාර්යාලය විසින් කැබිනට් අනුමැතිය සදහා ඉදිරිපත් කර තිබූ යෝජනාවක් ඇමති මනෝ ගනේෂන්ගේ විරෝධය මත අනුමැතිය හිමිව නැත.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment