ගාල්ලට ගංවතුර (PHOTOS)

ගාල්ලට ගංවතුර (PHOTOS)

 

අද (31) අලුයම් කාලයේ ගාල්ල දිස්ත්‍රික්කයට ඇදහැලුන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ ගණනාවක මාර්ග ජලයෙන් යටවී ඇති අතර ඉන් ගමනාගමන කටයුතු වලට දැඩි බාධා එල්ල වී ඇත.

ගාල්ල - බද්දේගම මාර්ගය, දංගෙදර, හිරිඹුර, බෙලිගහ ආදී ප්‍රදේශ මෙන්ම ගාල්ල - දික්කුඹුර මාර්ගය ඇලපහල ප්‍රදේශයෙන් ද ජලයෙන් යටවී තිබේ.

මෙයට අමතරව ගාල්ල - ඉමදුව මාර්ගය පිලාන ප්‍රදේශයෙන් ජලයෙන් යටවී ඇති අතර බෝගහගොඩ - වැලිකොන්ද මාර්ගය, දොරපේ - අමුකොටුව පාර, අගුළුගහ - ඇලපහල මාර්ගය, කබරගල - විලේවත්ත මාර්ගය ඇතුලු අතුරු මාර්ග රැසක් අද උදෑසන ජලයෙන් යටවී ඇත.

බෝගහගොඩ - හියාරේ මාර්ගයේ දොරපේ ප්‍රදේශයේ සංවර්ධනය කිරීමට සූදානම් කරමින් තිබූ ඉඩමක පස් මාර්ගයට සෝදාගෙන යාම නිසා මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර දොරපේ ප්‍රදේශයේ වෙළදසැලකට පස්කන්දක් කඩා වැටීමෙන් දැඩි අලාභ හානි සිදුව තිබේ.

මෙයට අමතරව ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දඩුවන පී. සුමතිරත්න මාවතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය මුලුමනින්ම අවහිරව පැවතිනි.

කබරගල - පුස්වැල්කට මාර්ගයේ හටංගල විහාරස්ථානය අසලින් මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් ද  එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

මේ සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ නියෝජ්‍ය සහකාර අධ්‍යක්ෂ මේජර් එරික් සොයිසා මහතාගෙන් අප කල විමසුමකදී ඔහු කියාසිටියේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05ක පවුල් 167කට අයත් පුද්ගලයින් 738 දෙනෙකු අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇතැයි වාර්තා වී ඇති බවයි.

බෝපේ - පෝද්දල, හික්කඩුව, ඉමදුව, කඩවත් සතර, හබරාදුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් නිවාස 03ක් පූර්ණ ලෙස හානියට පත්ව ඇති අතර තවත් නිවාස 07කට අර්ධ වශයෙන් හානි සිදුව ඇතැයි ආපදා කලමණාකරන ඒකකය සදහන් කරයි.

ඡායාරූප පහතින්.


ගාල්ල - ලලිත් චාමින්ද

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment