වියපත් පියා මහ පාරට දමා ගිහින් (VIDEO)

වියපත් පියා මහ පාරට දමා ගිහින් (VIDEO)

ජාත්‍යන්තර වැඩිහිටි දිනය ඊයේ (01) යෙදී තිබිණි.

ශ්‍රී ලංකාව මෙවර ලෝක වැඩිහිටි දිනය සැමරෙන්නේ වැඩිහිටි අයිතිවාසිකම් සුරකින හෙටක් යන තේමාව යටතේයි. 

මෙලෙස වැඩිහිටි දිනය සැමරෙන මොහොතක ගාල්ල, වලහන්දූව ප්‍රදේශයේ දමා ගිය පියෙකු පිළිබඳ පුවතක් වාර්තා විය. 

මීට දින දෙකකට පමණ පෙර දමා ගොස් තිබූ මෙම පියා ඊයේ  ඇඳිවතක්ද නොමැතිව වලහන්දූව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය ඉදිරියේ රැඳී සිටියේය.a 

විහාරස්ථානය ඉදිරිපිට වැටී සිටි මෙම පියාට තමන් මුහුණ දුන් සිද්ධිය පිළිබඳ පැහැදිලි කිරීමට තරම් තම ගතේ වාරුවක් නොතිබූ අතර මෙම පියාණන් සතුව තිබූ ඇඳුම් බෑගයක්ද ඔහු වැටී සිටි ස්ථානයක තිබී සොයාගෙන තිබිණි.

ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් ගිලන් රථයක් ගෙන්වාගෙන අනතුරුව එම පියාව රෝහල් ගත කළ අතර ඔහු මේවන විට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

එම වීඩියෝව පහතින් නරඹන්න

 

 

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment