රට පුරා නව නිදහස් Wi-fi කලාප 405 ක් (PHOTOS)

රට පුරා නව නිදහස් Wi-fi කලාප 405 ක් (PHOTOS)

සියලු දුරකතන ජාල ඔස්සේ නොමිලේ wi- fi පහසුකම් දිවයින පුරා පිහිටි wi- fi කලාප 405කදී දැන් ලබාගත හැකි බව විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28) බදුලු පුබුදුව වැඩසටහනෙහි අවසන් දිනයේදී නිල වශයෙන් මෙම ජාල විධමත්ව සක්‍රීය කිරිම බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුකරමිනි.

ඒ අනුව සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි සියලූ‍ම විශ්වවිද්‍යාල, දුම්රිය ස්ථාන, ප්‍රධාන බස් නැවතුම්පල, ප්‍රසිද්ධ උද්‍යාන, මහජන පුස්තකාල, සියලූ‍ම ශීක්ෂණ හා දිස්ත්‍රික් රෝහල්, නීති විද්‍යාලය, අධිකරණ සංකීර්ණ, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ කෞතුකාගාර ආදී මහජනතාව වැඩි වශයෙන් පැමිණෙන ස්ථානයන් තුල මෙම නිදහස්  Wi - Fi  කළාප (WiFi Hotspot )  ස්ථාන ගත කර ඇත.

තවත් කලාප 95 ඉදිරි මසක පමණ කාලය තුල එනම් මේ වසර අවසන් වීමට පෙර සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ සදහා දුරකතන සන්නිවේදන ආයතන 06ක් සේවාව ලබාදෙන අතර ලංකා කොම්, මොබිටෙල්, ටෙලිකොම්, ඩයලොග් , එටිසලාට  සහ ලංකා බෙල් යන ආයතන ඒ අතර වෙයි.

මේ පිලිබදව වැඩිදුර තොරතුරු දුරකතන අංක 1919 රාජ්‍ය තොරතුරු ඒකකය ඇමතීමෙන් දැනගැනීමට හැකියාව ලබාදී තිබේ.

ඡායාරූප පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment