කිරිපිටි සමාගම් රු. 106ක සහනයක් ආණ්ඩුවෙන් ඉල්ලයි.. නැතොත් මිල ඉහලට..

රජය විසින් මෙවර සංශෝධනය කරන ලද වැට් බද්ද කිරිපිටි සදහාද බලපාන නිසා කිරිපිටි කිලෝවක ආනයන වියදම අවම වශයෙන් රුපියල් 106/-කින් ඉහළ ගොස් ඇති බව කිරිපිටි ආනයන සමාගම් කියති.

මේ හේතුවෙන් රජයෙන් මූල්‍ය සහනාධාරයක් බලාපොරොත්තු වන බව කිරිපිටි ආනයන සමාගම් ප‍්‍රකාශකයෙක් කියා සිටියේය. මෙරටට කිරිපිටි ගෙන්නවන ප‍්‍රධාන පෙළේ සමාගම් පහක් පමණ ඇති බවද කි ඔහු මුදල් අමාත්‍යංශය වෙත මේ තත්ත්වය මේ වනවිටත් වාර්තාකර ඇතැයිද කීය.

රජයෙන් ඊට කිසියම් සහනයක් නොලැබුණහොත් ඉදිරියේදී කිරිපිටි සිල්ලර මිලගණන් පිළිබදව තීන්දුවක් ගැනීමට සිදුන බවද ඔහු පෙන්වා දෙයි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment