1 වසර පංති වැඩි කළ බස්‌නාහිර ජනප්‍රිය පාසල් මෙන්න

1 වසර පංති වැඩි කළ බස්‌නාහිර ජනප්‍රිය පාසල් මෙන්න

බස්‌නාහිර පළාතේ මේ වසර සඳහා ජනප්‍රිය පාසල් 26 කට 01 ශ්‍රේණිය සඳහා අලුතින් සමාන්තර පන්තිය බැගින් ලබාදීමට පියවර ගත් බව බස්‌නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා පවසයි. 

එම පාසල් පහතින් දැක්වේ.

1. බප/කැල/ විළිඹුල කනිෂ්ඨ විද්‍යාලය, 2. බප/ජය/ විජයඝෝෂ විද්‍යාලය, 3. බප/මතු/ මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලය, 4. බප/හෝ/ සුභාරතී මහාමාත්‍ය විද්‍යාලය, 5. බප/කො/ අශෝක විද්‍යාලය, 6. බප/කො/ සංඝමිත්තා බාලිකා විද්‍යාලය, 7. බප/කො/ ෆාතිමා මුස්‌ලිම් බාලිකා විද්‍යාලය - සිංහල, 8. බප/කො/ ෆාතිමා මුස්‌ලිම් බාලිකා විද්‍යාලය - දෙමළ, 9. අල්කයිරියා මුස්‌ලිම් විද්‍යාලය - සිංහල, 10. අල්කයිරියා මුස්‌ලිම් විද්‍යාලය - දෙමළ, 11. බප/ජය සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය, 12. බප/ජය/ කොට්‌ටාව ධර්මපාල විද්‍යාලය, 13. බප/ජය/ මාලබේ ආදර්ශ පිරිමි විද්‍යාලය, 14. කහන්තොට ප්‍රාථමික විද්‍යාලය, 15. බාලබේ රාහුල බාලිකා විද්‍යාලය, 16. බප/පිළි/ අංක 1 කනිෂ්ඨ විද්‍යාලය, 17. බප/පිළි/ විද්‍යා විද්‍යාලය, 18. බප/පිළි/ රාවතාවත්ත මෙතෝදිස්‌ත විද්‍යාලය, 19. බප/පිළි/ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය, 20. බප/හෝ/ අවිස්‌සාවේල්ල ජනාධිපති විද්‍යාලය, 21. බප/හෝ/ සිරි පියරතන කනිෂ්ඨ විද්‍යාලය, 22. බප/කළු/ පානදුර රාජකීය විද්‍යාලය, 23. බප/කළු/ පානදුර අගමැති විද්‍යාලය, 24. බප/කළු/ ඥනෝදය විද්‍යාලය, 25. බප/හෝ/ තක්‌ෂිලා ම.වි. 26. බප/කැල/ විශාඛා බාලිකා විද්‍යාලය.

බස්‌නාහිර පළාත තුළ ජනප්‍රිය පාසල්වල 01 ශ්‍රේණිය සඳහා අලුතින් පන්ති ආරම්භ කර තිබේදැයි බස්‌නාහිර පළාත් ජනතා විමුක්‌ති පෙරමුණ මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා ඊයේ (22) පැවැති පළාත් සභා රැස්‌වීමේදී අමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක්‌ යොමු කළ අවස්‌ථාවේ ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙම පාසල් 26 ප්‍රකාශයට පත් කළේය.

යම් පෝෂිත ප්‍රදේශයක පාසල් නොලැබී ඇති දරුවන් ඇතුළත් කර ගැනීම සඳහා මෙම අමතර පන්තිය ඇති කළ බවද අමාත්‍යවරයා පැවසී ය. 

එහිදී මහින්ද ජයසිංහ මන්ත්‍රීවරයා මෙම අමතර පන්තියට පෝෂිත ප්‍රදේශවල දරුවන් ඇතුළත් කර නොමැති බවත් එසේ ඇතුළත් කර ඇත්නම් එය තහවුරු කර ගැනීම සඳහා ඇතුළත් කළ ළමයින්ගේ නාම ලේඛනයක්‌ සභාවට ඉදිරිපත් කරන ලෙස ඔහු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය. 

ඊට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ සති දෙකකින් එම ලේඛනය සභාවට ඉදිරිපත් කරන බවය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment