වව්නියාවේ හිටපු පොලිස් නිලධාරියෙකු ඝාතනය කෙරේ (PHOTOS)

වව්නියාවේ හිටපු පොලිස් නිලධාරියෙකු ඝාතනය කෙරේ (PHOTOS)

ඊයේ (21) රාත්‍රියේ වව්නියාව, පත්තිනියාර්මහියන්කුලම ප‍්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුට කිසියම් පිරිසක් විසින් පහරදී ඝාතනය කර ඇති බව වව්නියාව පොලීසිය ප්‍රකාශ කරයි.

 

මෙසේ පහර දීමෙන් මිය ගොස් ඇත්තේ 59 හැවිරිදි වික‍්‍රමරත්න ගුණසිරි නමැති හිටපු පොලිස් නිලධාරියෙකි.

අදාල පොලිස් නිලධාරියා 1985 වසරේදී පොලිස් සේවයට බැඳී පසුව පොලිස් සේවයෙන් ඉවත්ව ජර්මනියේ පදිංචියට ගොස් ඇති අතර පසුව නැවත පැමිණ වව්නියාවේ පදිංචී තිබේ.

සිය නිවසට පැමිණි හිටපු පොලිස් නිලධාරියා නිවසේ අලුත්වැඩියා කිරීමේ කටයුතු පසුගිය දිනයන්හි සිදු කර ඇති අතර ඊට අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන නිවසට පැමිණි ටිපර් රථ රියදුරෙකු මොහුගේ මළ සිරුර දැක ඒ සම්බන්ධයෙන් ඊයේ (22) උදෑසන වව්නියාව පොලිසියට පැමිණිලි කළ බව වව්නියාව පොලීසිය කියා සිටියේය.

මිය ගිය පොලිස් නිලධාරියාගේ නිවස අසල පෙරේදා (21) රාත්‍රියේ කිසියම් සාදයක් පැවති බවට ද එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහර දීම සිදු වන්නට ඇති බවට ද ප්‍රදේශවාසීන් සැකපළ කරයි.

කෙසේ වෙතත් අදාල පහරදීමට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු මේ වනවිට වව්නියාව පොලිසිය විසින් ප්‍රශ්න කිරීම් සිදුකරන අතර ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කටයුතු ආරම්භ කොට ඇත.

ඡායාරූප පහතින්.

වන්නි - රොමේෂ් මධුෂංඛ 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment