ඇමතිවරුන්ගේ සියලු දීමනා සියයට 50 කින් පහලට? - ජනපතිගෙන් ඉල්ලයි

ඇමතිවරුන්ගේ සියලු දීමනා සියයට 50 කින් පහලට? - ජනපතිගෙන් ඉල්ලයි

පාර්ලිමේන්තුවේ සිටින ඇමතිවරුන්ගේ සියලුම දීමනා සියයට 50 කින් අඩු කරන ලෙසට මහජන අයිතීන් සුරැකීමේ පදනම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීමක්‌ කරයි.

මෙමගින් ඉතිරි වන මුදල් අසරණ රෝගීන්ගේ රෝහල් ගාස්‌තුවල වැට්‌ බදු ගෙවීමට යොදා ගන්නා ලෙස ද මහජන අයිතීන් සුරැකීමේ සංවිධානය ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියෙහි සඳහන් කර ඇත.

“වත්මන් රජය අධික ලෙස බදු බර පටවමින් මහජනතාව රැවටා තිබෙනවා. ‘ඇයි මිස්‌කෝල් ගහන්නේ? බිල් වැඩි නේද? වෙනසක්‌ කරමු‘ යෑයි කියා බලයට පත් වූ ආණ්‌ඩුව දුරකථන, අන්තර්ජාල ගාස්‌තු වැඩි කරලා. තම ගෙවල් විකුණා ප්‍රතිකාර ලබා ගන්නා තත්ත්වයකට අද රෝගීන් පත් වෙලා.“

ජනතාවට පටි තද කර ගැනීමට පවසන ආණ්‌ඩුව, ඇමැතිවරුන්ගේ පටි බුරුල් කර ගැනීමට සලස්‌වනවා. වත්මන් ආණ්‌ඩුවේ ඇමැතිවරුන් රටේ ආර්ථිකය කඩා වැටීමට සෘජුවම වගකිව යුතු යැයි මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment