ප‍්‍රතිශතය 78%යි… අලූත් පක්‍ෂය පළමු ඡන්දයෙන් ආසන 77ක වාර්තාගත ජයක් ලබයි.. එජාපයට 19යි.. ශ‍්‍රීලනිපය 02යි..

කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල විවිධ සේවා සමුපකාර සමිතිය මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහ සභාවට සමාජිකයින් 77ක් පත්කර ගනිමින් විශිෂ්ට ජයක් වාර්තා කොට ඇත.

එක්සත් ජාතික පක්ෂයට 19ක්ද මෛත්‍රීපිලට 2ක්ද සහ ජනතා විමුක්ති පෙරමුණ 1 ක්ද සහිතව සියලු ආණ්ඩුවට පක්ෂ කණ්ඩායමට මහ සභාවට තරග කොට පත්කර ගනු ලැබුවේ සමාජිකයින් 22 කු පමණි.

හිරියාල විවිධ සේවා සමුපකාර ඡන්ද ප්‍රතිඵලය අනුව මහින්ද රාජපක්ෂ කණ්ඩායම නියෝජනය කල ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ විශිෂ්ට ජයක් ලබා ගැනිමට හැකිවූ අතර, යූ එන් පීය, ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිල හා ජනතා විමුක්ති පෙරමුණ වෙන වෙනම තරගකොට දිනාගත්තේ එම ප්‍රමාණයෙන් තුනෙන් එකකටත් වඩා අඩු ප්‍රමාණයකිනි.

හිරියාල විවිධ සේවා සමුපකාර සමිතිය අයත් වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්යේ හිරියාල ආසනයටයි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment