ආණ්ඩුවට ඉදිරි මැතිවරණ ඉතාම අවාසිදායකයි.. දැන් මට තීන්දුවක් ගන්න වෙනවා.. – චම්පික කැබිනෙට්ටුවේදී කියයි..

තමනට ආණ්ඩුවේ සිටීම ගැන තීන්දුවක් ගැනීමට සිදුවන බව මෙගා පොලිස් ඇමති චම්පික රණවක මහතා කැබ්නට් මණ්ඩලයේදී පවසා ඇත.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ වංචා හා දුෂණ පුද්ගලයින් නීතිය හමුවට ගෙන එන්නේ යයි පසුගිය ජනපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ලබා දුන් පොරොන්දු මෙතෙක් ඉටු නොවී ඇති බව පෙන්වා දෙමිනි.

පවතින තත්වය හමුවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදීත් පළාත් සභා මැතිවරණවලදීත් රජයට ඉතා අවසාදායක තත්වයත් නිර්මානය වී ඇති බව ඔහු පෙන්වා දී ඇත.

මහා පරිමාන වංචා දුෂණ නොතකා සුළු සිදුවීම් ගැන සෙවීමේ කිසිඳු තේරුමක් නැතැයිද ඇමතිවරයා එහිදී වැඩිදුරටත් සදහන් කර ඇත.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment