අනිද්දා පැය 8ක ජල කප්පාදුවක්

අනිද්දා පැය 8ක ජල කප්පාදුවක්

කොළඹ, ප්‍රදේශ කිහිපයකට ලබන 05 වැනිදා එනම් සෙනසුරාදා දින රාත්‍රියේ සිට පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව සෙනසුරාදා රාත්‍රී 9.00 සිට ඉරිදා අලුයම 05.00 දක්වා පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

බේස්ලයින් පාරේ කැලණි පාළම අසළ සිට දෙමටගොඩ හන්දිය දක්වා ප්‍රධාන මාර්ගයේ සහ සියළු අතුරු මාර්ග, හෙට්ටිවීදිය සහ ඒ ආශ්‍රිත අතුරු මාර්ග , කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව එම මණ්ඩල තවදුරටත් සඳහන් කර සිටී.

ජල නල පද්ධතියේ නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සඳහන්ය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment