තවත් පාසල් සිසුවෙකුට පහරදීමක්

තවත් පාසල් සිසුවෙකුට පහරදීමක්

තලවාකැලේ ප්‍රදේශයේ පාසලක 10වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට කිසියම් පිරිසක් විසින් පහරදී තුවාල සිදුකළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තලවාකැලේ පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

පසුගිය 23 වැනිදා පාසල නිමාවීමෙන් පසු පස්වරු 02.30ට පමණ මෙම පහරදීම සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.

පහරකෑමට ලක් වූ සිසුවා මේ වන විට තලවාකැලේ රෝහලේ ප‍්‍රතිකාර ලබයි.

ඔහුගේ  දකුණු අතට සහ හිසට දැඩි තුවාල සිදුව ඇති බව වාර්තා වේ.

අදාළ සිසුවා පාසල නිම වී තම නිවසට යන අතරතුර දුම්රිය මාර්ගයේදී නාදුනන පිරිසක් විසින් මෙම පහරදීම සිදු කළ බව සඳහන්ය.

 සිද්ධිය සම්බන්ධයෙන් තලවාකැලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment