ෆැෂන් බග් ගින්න විදුලි කාන්දුවකින් සිදුවූ බවට සාක්ෂි ලැබේ


පසුගියදා පැපිලියාන ප්‍රදේශයේ පිහිටි ප්‍රකට නිමි ඇඳුම් සාප්පු ශාඛාවක් වූ ෆැෂන් බග් ආයතනයේ සිදුවූ ගින්න
නිසා මිලියන 200 කට

ආසන්න විශාල හානියක් සිදුවූ අතර මින් පෙර එම ආයතනය ඉදිරිපිට ඇතිවූ ජාතිවාදී කණ්ඩායම් හා සම්බන්ධ සිද්ධි හේතුකොට මෙම ගින්න කඩාකප්පල්කාරී ක්‍රියාවකැයි සැක මතුව තිබිණි.
ඒ අනුව සිදු කළ පොලිස් පරීක්ෂණවලදී මෙම ගින්න එවැනි හේතුවක් මත නොව විදුලි කාන්දුවකින් පැනනැගී පැතිරී ගිය එකක් බවට සාක්ෂි හිමිව තිබේ. මේ ගැන පරීක්ෂණ පවත්වන නුගේගොඩ,බොරලැස්ගමුව හා කොළඹ අපරාධ කොට්ඨාශ නිලධාරීන් ඒ බව තහවුරු කර තිබේ.
මෙම ගින්න නිසා සිව් මහල් ගොඩනැගිල්ලක් වූ එහි 2,3 හා 4 තට්ටු මුළුමණින්ම විනාශ විය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment