දකුණේ ඝාතන රැසකට සම්බන්ධ සැකකරුවෙක් දැලේ

දකුණේ ඝාතන රැසකට සම්බන්ධ සැකකරුවෙක් දැලේ

මෙරට පුද්ගල ඝාතන කිහිපයකට අවශ්‍යකර සිටි පුද්ගලයෙකු මීටියාගොඩ, කළුපේ ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ එම අවස්ථාවේදී සැකකරු සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත අත්බෝම්බයක් ද සොයාගැනීමට හැකි වූ බවයි.

පසුගියදා මීටියාගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීම, බද්දේගම ගෝනපීනුවල ප්‍රදේශයේදී පුද්ලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ හික්කඩුව ප්‍රදේශයේදී ද්වී පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුට චෝදනා එල්ල වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අද (25) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment