මියුසියස් විද්‍යාලයේ හෝල් එක ගිනිගනී (ඡායාරූප)

 කොළඹ 7 මියුසියස් බාලිකා විද්‍යාලයේ රංග ශාලාවේ අද 4 සවස  ගින්නක් හටගෙන තිබේ. විද්‍යාලයීය පිහිනුම් තටාකය ඇත්තේ රංග ශාලාව පිහිටි ගොඩනැගිල්ලේ බවත් විද්‍යාලයේ ආපනශාලාවක්ද ඒ අසළ පිහිටා ඇති බවත් වාර්තාවන අතර ගින්න ඒ දෙසට පැතිරීමේ අවදානමක්ද මතුව ඇත.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන හමුදාව දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිනවා. ඒ සඳහා ගිනි නිවන රථ 10ක් යොදවා ඇති බවයි වාර්තා වෙන්නේ. ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති අතර ඒ පිළබඳව ඔබ වෙත ගෙන ඒමට අප සුදානම්.

පාසල් කටයුතු නිසාවෙන් පසු ගින්න මතුව තිබේ.ගින්නෙන් පාසැල් දැරියන්ට හෝ කිසිවකුටත් හෝ හානියක් නොමැති බව විදුහල්පතිනිය පවසනවා.






Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment