ශෂී වීරවංශගේ නඩු විභාගයට දින තීන්දුයි

ශෂී වීරවංශගේ නඩු විභාගයට දින තීන්දුයි

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුව විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දින නියම කර තිබේ.

ඒ, අදාළ නඩුව අද (25) කැඳවූ අවස්ථාවේදීය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා දැනුම් දුන්නේ එම නඩුව පෙබරවාරි මස 08 වනදා විභාගයට ගන්නා බවයි.

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගත් බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශෂී වීරවංශ මහත්මියට එරෙහිව එම නඩුව පවරා තිබේ.

එමෙන්ම නඩුවට අදාළ සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙසද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය පෙබරවාරි මස 08 වනදා පැවැත්වීමට නියම කර එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි ද නිකුත් කළේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment