හවුලේ අවුල වැඩිවෙයි.. ශ‍්‍රීලනිප තොගයක් අරන් එජාප ආණ්ඩුවක් හදන්න සාකච්චා..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු එක්සත් ජාතික පක්‍ෂයට එක් කර ගැනීමේ සූදානමක් ගැන ඉහල පෙලේ දේශපාලන කවයන්හි සාකච්චා වෙමින් ඇත.

ඉන් පසු එක්සත් ජාතික පක්‍ෂය මූලික කර ගත් ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණින් මෙම සැලසුම ක‍්‍රියාත්මක වන්නේ යයිද පැවසෙයි.

ආණ්ඩුයේ ප‍්‍රධාන පාර්ශ්වයන් දෙක වන එජාපය හා ශ‍්‍රීලනිපය අතර මේ වන විට ඇතිව තිබෙන මතබේදකාරී තත්වය මත එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී පිරිසක් විසින් යෝජනා කර ඇත්තේ ජාතික ආණ්ඩුව ගැන තව දුරටත් බලාපොරොත්තු නොතබා එජාප ආණ්ඩුවක් ගැන අවධානය යොමු කල යුතු බවයි.

එජාපයෙන් ජනාධිපති ධුරයට පත් වූ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අයත් වන්නේ එජාපයටම බවත් ඔහුගේ තීරණවලින් එජාපයට අවාසියක් විය යුතු නැති බවත් මෙම පිරිස පෙන්වා දී ඇත.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment