දුමින්දගේ ඇපෑල ඉක්මනින්

දුමින්දගේ ඇපෑල ඉක්මනින්

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් පේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා වූ  සිර දඬුවම් ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන්ගේ මහාධිකරණ නඩු තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනා පෙත්සමේ නඩු ගොනුව සකස් කිරීමේ ක‍්‍රියාවලිය කඩිනමින් සිදුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය කොළඹ මහාධිකරණ ලේඛකාධිකාරීවරයාට නියෝග කර තිබේ.

තමා අසනීපකරුවෙකු බව කියමින් දුමින්ද සිල්වා මහතා ගොනු කළ විශේෂ පෙත්සමක් සලකා බැලූ  ප‍්‍රියසාද් ඩෙප්, බුවනෙක අළුවිහාරේ සහ නලීන් පෙරේරා යන මහත්වරුන්ගෙන් යුතු ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය කර ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment