‘නැගිටින දෙමළු’ හෙවත් ‘එළඟු තමිල්’ මීලග රැලිිය මඩකලපුවේදී එන ජනවාරියේ පැවැත්වීමට දෙමළ ජනතා සංසදය සූදානම් වෙමින් සිටිති.
උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුතු දෙමල ජනතා සංසදය විසින් පසුගිය සැප්තැම්බරයේදී ‘එළුග තමිල්’ පළමු රැළිය යාපනයේදී පැවත්වීය.
මෙම රැළි මාලාවේ අරමුණ වන්නේ දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු සහ ඉල්ලීම් සම්බන්දයෙන් විසඳුම් ලබාදෙන ලෙස බල කිරීම වන අතර දමිල ජනතාවට තමන් සිටින තත්ත්වය අමතක වීමට ඉඩදිය නොහැකි යයි පවසමින් මඩකලපුවේදී මෙම රැළිය පවත්වයි.
කොටි සංවිධානය ක‍්‍රියාකාරීව පැවතෙද්දී පැවැක්වූ ‘පොංගු තමිල්’ රැළි මාලාවම නම වෙනස් කොට වර්තමානයේ උතුරු මහ ඇමතිවරයා විසින් පවත්වන බවට ප‍්‍රබල විවේචන එල්ල වෙමින් ඇත.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment