උඩුවේ හිමිගේ පන්සලේ උදේට උදේට ඇහෙන සද්ද ගැන අසල්වැසියන්ගෙන් පැමිණිලි


උඩුවේ හිමිගේ ඇලන් මැතිණියාරාම පන්සලේ
උදේට උදේට ඇහෙන සද්ද ගැන
මිලින්ද ඇතුළු අසල්වැසියන්ගෙන් පැමිණිලි

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් වැඩවාසය කරන කොළඹ 5 ඇලන් මැතිනියාරාමය වෙතින් උදෑසනට ඇසෙන කර්ණ කඨෝර ශබ්ද ඉවසාගත නොහැකි බව දක්වමින්
අසල්වාසීන් විසින්

පැමිණිල්ලක් ගොනු කරනු ලැබ ඊයේ විභාග විය.
මෙම අසල්වාසීන් අතර හිටපු කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු හා ඇමතිවරයෙකු වන මිලින්ද මොරගොඩද සිටියේය. තමන් කොළඹ 05, ඇලන් මැතිනියාරාම විහාරස්ථානය අසල පදිංචිකරුවන් බවත්, උදෑසන පහත් හයත් අතර කාලයේදී ඉතාමත් අධික ශබ්දයකින් යුක්තව එම විහාරස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කර සීඩී තැටි ප්‍රචාරය කරනු ලබන බවත් එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මෙය ප්‍රදේශවාසීන්ගේ මානසිකත්වයට හා සෞඛ්‍යයට අහිතකර වන අතර, දරුවන්ගේ පාඩම් කටයුතුවලට බාධා, හිසරදය, මානසික ආතතිය, අධික රුධිර පීඩනය ඇතිවීමේ අවදානම ඇතිවන බැවින් එම පීඩාව
මැඬපැවැත්වීමේ නියෝගයක් ලබාදෙන ලෙස පැමිණිලිකරුවන් අධිකරණයෙන් ඉල්ලා ඇත.

හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ඇතුළු පස් දෙනකු විසින් ඇලන් මැතිනියාරාමාධිපති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේදී මේ සම්බන්ධව කරුණු හෙළි කර තිබුනේ 1979 අංක (15) දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 136 (1) (ආ) වගන්තිය යටතේ 98 (1) ප්‍රකාරව එය වළක්වාලන ලෙස ඉල්ලමිනි. නඩුව ලබන 06 වැනිදා නැවත කැඳවීමට නියමිතය.


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment