ඉදිරි දින කිහිපයේ වැඩිම වැසි ලැබෙන ප්‍රදේශ මෙන්න

ඉදිරි දින කිහිපයේ වැඩිම වැසි ලැබෙන ප්‍රදේශ මෙන්න

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නැගෙනහිර කොටසට වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ අද (24) දිනයේදීත් නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි.

එමෙන්ම අද සවස 02.00න් පසු බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තද වැසි ද ඇතිවීමේ හැකියාවක් පවතින බවට ද ඔවුන් නිවේදනය කරයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment