බැඳුම්කර වංචාව: ජනාධිපති කොමිසමක්‌ පත් කිරීමට නිර්දේශයක්!

බැඳුම්කර වංචාව: ජනාධිපති කොමිසමක්‌ පත් කිරීමට නිර්දේශයක්!

බැඳුම්කර සිද්ධිය පිළිබඳව කඩිනමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නම් ඒ සඳහා ජනාධිපති කොමිෂන් සභාවක්‌ පත් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය පත් කළ විශේෂ කමිටුවේ නිර්දේශයක්‌ වූ බව තාක්‌ෂණ හා පර්යේෂණ ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

කෝප් කමිටු වාර්තාව නීතිමය වාර්තාවක්‌ නොවන බවද අධිකරණය හමුවේ නඩු පැවරීමට එම වාර්තාවේ සාක්‌ෂි හා තොරතුරුවල නෛතික භාවයක්‌ ලැබිය යුතු බව ද ඊයේ (24) ශ්‍රීලනිප පක්‌ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පැවසී ය.

ජනාධිපති කොමිෂන් සභාවකදී විමර්ශන සාක්‌ෂි සියල්ල සාක්‌ෂි පනතට අනුව ඇසිය හැකි යැයිද එම සභාවේ උධෘත මත නඩු පැවරීම සිදු කළ හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.

නීතිපතිවරයා හරහා නඩු පැවරීමේදී දීර්ඝ කාලයක්‌ ඒ සඳහා ගතවන බව කමිටුවේ අදහස වූ බවත් කඩිනමින් බැඳුම්කර සිද්ධියට විරුද්ධව නඩු පැවරිය හැකි සුදුසුම ක්‍රමය විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක්‌ පත් කිරීම බවත් ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මෙම වාර්තාව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කර සුදුසු ක්‍රියාමාර්ගයක්‌ ගනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment