දුමින්ද බලන්න සිරගෙට ගිය විනිසුරුවරියට වැඩ වරදී

දුමින්ද බලන්න සිරගෙට ගිය විනිසුරුවරියට වැඩ වරදී

බන්ධනාගාර රෝහලට ගොස් එහි රඳවාගෙන සිටින මරණීය දඬුවම් නියමවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හමුවූ බව කියන කොළඹ දිසා විනිසුරු අයේෂා ආබ්දීන් වහාම ක්‍රියාත්මක වන පරිදි අධිකරණ සේවා කොමිසමෙන් අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

මෙම සිද්ධියට අදාළව පුවත්පත් ඇතුළු මාධ්‍යවල පසුගිය දිනවල විශාල ප්‍රසිද්ධියක් ලැබුණු අතර එම සිද්ධි සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමේ සභාපති අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා ඇතුළු විනිසුරුවරු සාකච්ඡා කළහ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment