බැඳූම්කර වංචාවේ තීන්දුවට මුදල් මණ්ඩලය රැස්වෙයි

බැඳූම්කර වංචාවේ තීන්දුවට මුදල් මණ්ඩලය රැස්වෙයි

බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය අද (04) රැස්වීමට නියමිතය. 

මෙහිදී බැදුම්කර නිකුතුව පිළිබද ශ්‍රී ලංකා මහබැංකුව සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණයේ වාර්තාව අධ්‍යයනය කර මුදල් මණ්ඩලය විසින් තීන්දු ගැනීමට නියමිත බව මහබැංකුවේ ආරංචි මාර්ග පවසයි.

මේ අතර, බැදුම්කර නිකුතුවේදී මහබැංකුවේ අභ්‍යන්තර තොරතුරු පිටතට නිකුත් වී ඇත් ද යන්න පිළිබදව ද මුදල් මණ්ඩලයේ අවධානය යොමු කිරීමටද නියමිතය.

මේ අතර පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සදහන් කළේ කෝප් කමිටුව නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සහ රජය ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවයි.

එමෙන්ම, නිවැරදි සාක්ෂි තහවුරු වනතෙක් මහබැංකුවේ නිලධාරින් වෙත ඇගිල්ල දිගු කළ නොහැකි බව ද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහබැංකු අධිපතිවරයා එම මාධ්‍ය හමුවේදී සදහන් කළේය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment