ආචාර්ය අමරදේවයන්ගේ දේහය මල් ශාලාවේ සිට නිදහස් චතුරශ්‍රය දක්ව පෙරහැරින් රැගෙන ගිය අයුරු (video)

ආචාර්ය අමරදේවයන්ගේ දේහය මල් ශාලාවේ සිට නිදහස් චතුරශ්‍රය දක්වා 
පෙරහැරින් රැගෙන ගිය අයුරු (Video) ජනපතිත් එක්වේ
http://ift.tt/2f0xcGO

අභාවප‍්‍රාප්ත ආචාර්ය අමරදේවයන්ගේ දේහය අද උදෑසන 10.15 ට පමණ බොරැල්ල ජයරත්න මල් ශාලාවේ සිට ටොරින්ටන් නිදහස් චතුරශ‍්‍රය දක්වා අවමංගල රථයක නංවා පෙරහැරකින් රැගෙන ගියා.
රසිකයින් කලා ශිල්පීන් දේශපාලකයින්
ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.

අමරදේවයන්ගේ බිරිය දේහය පසුපස ගමන් කළ මෝටර් රථයේ ගමන් කරනු දක්නට ලැබුණි.ජනමාධ්‍ය ඇමතිවරයාද පෙරහැරේ ගියා.
රූපවාහිනී සංස්ථාව ආසන්නයේදී ජනපති මෛත‍්‍රිපාල සිරිසේන හා ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර දේහය රැගත් වාහනයට පුෂ්පෝහාර දැක්වූ අතර අනතුරුව එතැන් සිට නිදහස් චතුරශ‍්‍රය දක්වාම ජනපතිවරයාත් දේහය සමග ගමන් කළා.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment