සංහිඳියා යාන්ත්‍රණ සමීක්ෂණ වාර්තාව දෙසැම්බර් මුලදී

සංහිඳියා යාන්ත්‍රණ සමීක්ෂණ වාර්තාව දෙසැම්බර් මුලදී

මෙරට තුළ සංහිඳියා යාන්ත්‍රණය කුමන ආකාරයෙන් සිදුවිය යුතු ද යන්න පිළිබඳව සිදුකළ සමීක්ෂණ වාර්තාව දෙසැම්බර් මස මුල් සතියේ දී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙත බාරදීමට නියමිත බව ඒ සඳහා පත් කළ කමිටුව ප්‍රකාශ කරයි.

සංහිඳියා යාන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්යය සාධක බලකාය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පිහිටුවනු ලැබීය.

එහි සභාපතිනිය ලෙස අධිනීතීඥ මනෝරී මුත්තෙට්ටුවේගම මහත්මිය පත්කළ අතර එහි මුළු සාමාජිකයින් සංඛ්‍යාව 11කි.

මෙම කාර්යය සාධක බලකාය සංහිඳියා යාන්ත්‍රණය කුමන ආකාරයෙන් සිදුවිය යුතු ද යන්න සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම පසුගිය මාස 06ක කාලය පුරා සිදුකරනු ලැබීය.

විශේෂයෙන් උතුරු - නැගෙනහිර ප්‍රදේශවල මෙය කුමන ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතුද යන්න ආකාරය සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයකින් යුතුව කටයුතු කළ බව එහි කමිටු සාමාජික ආචාර්ය පාක්‍යෙසෝති සරවනමුත්තු මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම මහජන අදහස් පිළිබඳ අවසන් වාර්තාව මේ වන විට සකස් කරමින් පවතින බවයි ඔහු සඳහන් කර සිටියේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment