ප්‍රදීප්ගේ සුපිරි අවසන් පන්දුව ශ්‍රී ලංකාවට එක් ලකුණක ජය ගෙනෙදෙයි – අවසන් තරඟයටත් සුදුසුකම්

ශ්‍රී ලංකාව බටහිර ඉන්දිය කොදෙව් හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර අද පැවති තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් ලකුණක තියුණු ජයක් හිමිවිය.

තරඟයේ පළමුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 330ක් ලබාගත්හ. එහිදී ධනංජයද සිල්වා කුසල් මෙන්ඩිස් හා නිරෝෂණ් දික්වැල්ල අර්ධ ශතක වාර්තා කළ අතර දෙදෙනාටම සිය මංගල ශතකය අහිමි වූයේ ලකුණු 6කිනි.

අනතුරුව 331 ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ ලබාගත හැකිවූයේ ලකුනු 329කි. කොදෙව් පිල වෙනුවෙන් අනගි ඉනිමක් ක්‍රීඩා කළ එවින් ලුවිස් සිය මංගල ශතකය වාර්තා කරිමින් පන්දු 122කදි ලකුණු 148 රැස්කිරීමට සමත්විය.

ඒ අනුව මෙම තුන්කොන් තරඟාවලියේ අවසන් තරඟයට ශ්‍රීලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment