හයලක්‍ෂයක මාසිය කුලියට ආණ්ඩුවේ මන්ත‍්‍රීන්ට අධි සැප වාහන..

ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවල සභාපති ධුර දරන ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් සදහා මාසිකව රුපියල් ලක්‍ෂ පහකට වැඩි කුලී මුදලකට සුඛෝපභෝගී වාහන ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

පුද්ගලික සමාගමකින් එසේ ලබා ගන්නා එක් වාහනයක් සදහා මාසික කුලී ගාස්තුව රුපියල් පන් ලක්‍ෂ අනූ දහසක් වනු ඇතැයි ගණන් බලා ඇති අතර ඊට 15%ක වැට් බද්ද හා 2%ක ජාතිය ගොඩ නැගීමේ බද්දද එකතු විය යුතුය.

මෙම වාහන ලබා දීම සදහා දැනට ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් 56 දෙනෙකු නිර්දේශ වී ඇති අතර ඔවුන්ට දැනටද වාහන කුලී දීමනාවක් ලෙස ලක්‍ෂ දෙකක් මුදලක් ගෙවනු ලබයි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment