අලි පැටවකු සොරකම් කිරීමේ තැතක් වරදී

අලි පැටවකු සොරකම් කිරීමේ තැතක් වරදී

උඩවළව ජාතික වනෝද්‍යානයේ උපන් බව කියන මාස 10ක් පමණ වයසැති අලි පැටිවකු වනෝද්‍යානයට යාබද හම්බෙගමුව ජනපදයයේ දාහත ප‍්‍රදේශයේ කැලෑවක ගසක බැඳ සිටිය දී සොයාගත් බව කල්තොට අඩවි ආරක්‍ෂක නිලධාරීන් පවසයි.

අඩි 02ක් පමණ උසැති මෙම අලි පැටවා බැඳ දමා දින 03ක් පමණ එලෙස බැඳ දමා තිබෙන්නට ඇති බව කල්තොට අඩවි ආරක්‍ෂක ගාමිණී දිසානායක මහතා සඳහන් කළේය.

උඩවළව ඇත්අතුරු සෙවනේ පශු වෛද්‍ය විජිත පෙරේරා මහතා ද එහි ගොස් අලි පැටවා පරීක්‍ෂාකර ඇත්අතුරු සෙවනට ගෙන ඒමට ක‍්‍රියාකර තිබේ.‍

අලි පැටවා බැඳ තබන්නට ඇත්තේ කිසිවෙකුට විකිණීමට විය හැකි බවට වනජීවි බලධාරින් සැකපළ කරන අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා හම්බෙගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.  

මීට වසර කිහිපයකට පෙරද උඩවළව ජාතික වනෝද්‍යානයේ අලි පැටියෙක් පැහැරගෙන යාමට ගත් උත්සහයක් ගල්පාය ප‍්‍රදේශවාසීන් සහ වනජීවී නිලධාරීන් එක්ව වැළැක්වා තිබේ.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment