ආයුධ කල්ලියක් වවුනියාවේ නිවසක් කොල්ලකයි (PHOTOS)

ආයුධ කල්ලියක් වවුනියාවේ නිවසක් කොල්ලකයි (PHOTOS)

වව්නියාව පුලියන්කුලම් පලෙයවාඩි ප්‍රදේශයේ තියුණූ ආයුධ ගත් පිරිසක් අද (03) අලුයම නිවසකට ඇතුලු වී එහි තිබූ රන් මාල, මුදු හා වලලු පවුම් 06කට අධික ප්‍රමාණයක් රැගෙන ගොස් ඇති බව පුලියන්කුලම් පෙලීසිය ප්‍රකාශ කරයි.

තියුණු ආයුධ සහිතව පැමිණ ඇති පිරිසෙන් එක් අයෙකු නිවස තුලට ඇතුල් වී නිවසේ හිමිකරුට පහරදී ඔහුට ආයුධ පෙන්වා මෙසේ ඔහු සන්තකයේ තිබූ රත්තරන් රැගෙන ගොස් ඇත.

මෙලෙස නිවසට ඇතුලු වූ පුද්ගලයා කව්රුන්ද යන්න හඳුනා ගැනීමට නොහැකි වූ බවත් ප්‍රදේශවාසීන් විසින් නිවසට ඇතුලු වූ පුද්ගලයා හැරෙන්නට තවත් කිහිපදෙනෙකු එම නිවසේ සිට දිව යන අයුරු දැක ඇති බතේ පොලීසියට පවසයි.

මේ වනවිට අදාළ කොල්ලකරුවන් සොයා පුලියන්කුලම් පෙලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.

ඡායාරූප පහතින්

වන්නි - රොමේෂ් මධූෂංඛ

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment