අඩු වයස් විවාහ නීති සංශෝධනයට එරෙහිව ඉස්ලාම් සංවිධානයක් වීදි බසී (PHOTOS)

අඩු වයස් විවාහ නීති සංශෝධනයට එරෙහිව ඉස්ලාම් සංවිධානයක් වීදි බසී (PHOTOS)

ඊයේ (03 කොළඹ කොටුවේදී තව්හීද් ජමාත් (Thawheed Jama'ath) ඉස්ලාමීය සංවිධානය විසින් විරෝධතා ව්‍යාපාරයක් දියත් කළේය.

ඒ, යුරෝපා සංගමයෙන් GSP+ බදු සහනය නැවත ලබා ගැනීම සදහා බාධාවක්ව පවතින මෙරට මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව විරෝධය පළකරමිනි.

GSP+ බදු සහන ශ්‍රී ලංකාවට ලබා දීමටනම් වයස් සීමාවකින් තොරව කුඩා දැරියන් පවා විවාහ කර ගැනීමට අවසර ලැබෙන ඉස්ලාමීය විවාහ නීතිය ජාත්‍යන්තර මානුෂවාදී නීතියට හා මානව හිමිකම් සහ එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියට පටහැනි බැවින් එම නීතිය වහාම සංශෝධනය කරන ලෙස යුරෝපා සංගමය රජයට දන්වා තිබේ.

ඒ අනුව රජය විසින් කැබිනට් අනුමැතිය සහිතව ඒ පිළිබදව කටයුතු කිරීම සදහා පසුගිය සතියේ අනුකමිටුවක් ද පිහිටවන ලදි.

කෙසේවෙතත් විරෝධතාවයේ නියැලි තව්හීද් ජමාත් සාමාජිකයන් ප්‍රකාශ කළේ බාල වයස්කාර දැරියන් විවාහ කරගැනීම ඉස්ලාම් ආගමෙහි ශරීයා නීතියෙන් අනුමත කර ඇති බැවින් කිසිසේත්ම එම නීති වෙනස් කිරීමට රජයට ඉඩ නොතබන බවයි.

තම ආගමේ නීතිවලට අත තැබීමට පැමිණියහොත් මරාගෙන මැරීමටවූවද තමන් සූදානම් බවත් රජයට අමතක නොවන පාඩමක් උගන්වන බවත් තව්හිද් ජමාත් නියෝජිතයින් පවසයි.

ඡායාරූප පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment