කිලිනොච්චිය ජලයෙන් යටවෙයි (PHOTOS)

කිලිනොච්චිය ජලයෙන් යටවෙයි (PHOTOS)

පසුගිය දින තුනක කාලය පුරාවට දිවා - රාත්‍රී දෙකෙහිම කිලිනොච්චියට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් කුඩා වැව් කිහිපයක් වාන් දැමීම නිසා පාසල් ළමුන් ඇතුලු වැසියන්ට ගමනාගමන කටයුතු වලට දැඩි සේ බාධා එල්ල වී තිබේ.

මේ අතර ඊයේ (22) රාත්‍රිය පුරා කිලිනොච්චියට ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් උරුත්තිරපුරම්, පොන්නගර්, ඉරත්තිනපුරම්, පරන්තන්, ශිවපුරම් හා පන්නන්කණ්ඩි යන ප්‍රදේශයන්හි පිහිටි මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් එම ගම්මානයන්හි ජීවත්වන පාසල් දරු දැරියන්ට උදෑසන පාසල වෙත නියමිත වේලාවන්ට යාමට නොහැකිව දැඩි සේ අසීරුතාවයන්ට පත්විය.

වැසි ජලයට අමතරව කිලිනොච්චිය කනකාම්පිකයිකුලම් වැව ද අද (23) උදෑසන වාන් දැමීම හේතුවෙන් එහි ජලයෙන්ද මාර්ග කිහිපයක් යටවීම නිසා මාර්ග ගිලා බැසීම් හා මාර්ග සේදී යාම් හේතුවෙන් ගමනාගමන කටයුතු වලට දැඩි සේ බාධා එල්ල වී ඇත.

කෙසේ වෙතත් ඉදිරි දිනයන්හි ද මෙම වර්ෂාව පවතින්නේ නම් ඉතිරි වැව්ද වාන් දමා මාර්ග සියල්ලක්ම යටවී ඇති වන ගංවතුර තත්වය හේතුවෙන් ගමනාගමන කටයුතු සියල්ලක්ම සම්පූර්ණයෙන්ම ඇණහිටිනු ඇති බවට කිලිනොච්චියේ වැසියන් පවසා සිටී.

ඡායාරූප පහතින්.

වන්නි - රොමේෂ් මධුෂංඛ 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment