‘යහපාලන TOP 10 ’ තුන්වැනියා ඇමති මලික්… වංචාව කෝටි සියයයි.. පැමිණිල්ල ගොනු කරයි.. එක අගමැති.. දෙක මුදල් ඇමති..

ඒකාබද්ද විපක්‍ෂය විසින් ‘යහපාලන ටොප් ටෙන්’ වැඩසටහන යටතේ ගොනු කරනු ලැබූ තුන්වන පැමිණිල්ල අද දිනයේ ඇමති මලික් සමරවික‍්‍රමට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශණ කොමිෂන් සභාවට බාර දෙනු ලැබීය.

මහපොළ භාරකාර අරමුදල යටතේ තිබූ රුපියල් බිලියනයක මුදලක් සමරවික්‍රම ඇමතිවරයා විසින් වංචා කර ඇති බව පැමිණිල්ලේ දැක්වෙයි.

මෙම ‘යහපාලන ටොප් ටෙන්’ ලයිස්තුවේ පලමු පැමිණිල්ල අගමැති රනිල් වික‍්‍රමසිංහට එරෙහිවත්, දෙවැන්න මුදල් ඇමති රවි කරුණානායකට එරෙහිවත් මීට පෙර ගොනු කරනු ලැබ තිබුණද අද වන විටත් ඒ සම්බන්ධයෙන් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා කියා සිටියේය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment