නව ජාතික හැඳුනුම් පත නිකුත් කිරීම හෙට 1 සිට

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නව හැඳුනුම්පතක් හෙට (ජනවාරි 01දා) සිට නිකුත් කිරීමට නියමිත බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් පියානි ගුණතිලක මහතා පවසයි. සුහුරු
ජාතික හැඳුනුම්පත්
(Smart National Card)ලෙස හඳුන්වා දෙන මෙම නව හැඳුනුම්පත සඳහා අයැදුම්කරුගේ ඡායාරූපය විද්‍යුත් තැපෑල මඟින් දෙපාර්තමේන්තුව වෙත ලබාදීම ප්‍රමාණවත් බවත් හෙතෙම සඳහන් කරයි.

ඊට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති ඡායාරූප ශාලාවලින් පමණක් මෙම ඡායාරූප රැගෙන රිසිට් පත පමණක් හැඳුනුම්පතේ අයැදුම්කරු විසින් ඇලවීම කළ යුතු බවත්, එවැනි ලියාපදිංචි ඡායාරූපශාලා 2100ක් දිවයින පුරා ඇති බවත් ගුණතිලක මහතා පවසයි.


-නුවන් හෙට්ටිආරච්චි-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment