ශ‍්‍රී ලංකාව තුල ඊළමක් පිහිටුවීමේ යෝජනාව UN වෙත ඉදිරිපත් කෙරේ…

ශ්‍රී ලංකාව තුළ ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවීමේ යෝජනාවක්‌ ජිනීවා මානව හිමිකම් කමිටුව වෙත ඉදිරිපත් කර ඇත.

මේ යෝජනාව ඉදිරිපත්කර ඇත්තේ මදුරාසියේ විශ්‍රාමික විනිසුරු එස්‌. සිවසුබ්‍රමනියම් විසිනි. ඔහුගේ එම යෝජනාවට ඇමරිකාවේ හිටපු නීතිපති රුම්සේ ක්‌ලාක්‌ද දායක වී ඇත.

ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 6 වැනි වගන්තිය මත ඊළාම් රාජ්‍ය ස්‌ථාපිත කිරීමට නොහැකිවීම නිසා එම වගන්තිය ඉවත් කිරීම සඳහා කටයුතු කරන ලෙස ඔවුන් මානව හිමිකම් කමිටුවෙන් ඉල්ලා තිබේ.

මෙවන් යෝජනාවක්‌ ජිනීවා මානව හිමිකම් කමිටුවට ඉදිරිපත්වුණේ මුල්වරටය.

– දිවයින
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment